චන්ද්‍රක්කා: 71 කැරැල්ලේ කැරලිකාරිනියන්ගේ අමතක කෙරූ භුමිකාව පිළිබඳ සංකේතයක් – සමල් විමුක්ති හේමචන්ද්‍ර

*මෙය දකුණු ආසියානු විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ සහ ජර්මනියේ රෝසා ලක්සම්බර්ග් පදනමේ අධීක්ෂණය සහ ප්‍රතිපාදන යටගේ සිදු කෙරූ පර්යේෂණයකි. චන්ද්‍රා පෙරේරා, නැතිනම් ඇගේ සමීපතයින්ට අනුව ‘චන්ද්‍රක්කා’, සිය සැඳෑසමය නිදහසේ ගත කරන්නී ය. දැන් එසේ වූ නමුදු ඇගේ තරුණ කාලය ගත වුණේ සාමාන්‍ය තරුණයකු/තරුණියක ගත කරන ආකාරයෙන් නොවේ. සාමාන්‍ය තරුණයකු/තරුණියක  අවුරුදු විසි ගණන්වලදී හොඳ අධ්‍යාපනයක්,… Continue reading චන්ද්‍රක්කා: 71 කැරැල්ලේ කැරලිකාරිනියන්ගේ අමතක කෙරූ භුමිකාව පිළිබඳ සංකේතයක් – සමල් විමුක්ති හේමචන්ද්‍ර

ලෝක බැංකු සල්ලි සහ අපේ විශ්වවිද්‍යාල: ලෝක බැංකුවේ ණය ව්‍යාපෘති සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෑතකාලීන විපර්යාසය – කෞශල්‍යා පෙරේරා

දෙදහස් දාහතේ එක් දිනෙක මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (වි.ප්‍ර.කො.ස) පැවැත්වුණු රැස්වීමකට සහභාගී වුනෙමි. එය යම් ක්‍රියාවලියක් සංවිධානය කිරීම සඳහා සිදු කෙරුණකි. වෙනදා ලෙසම එදා ද ගෙවීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති විය. “එච්.ඊ.ටී.සී [එනම්, විශ්වවිද්‍යාලවලට ලැබුණු දෙවන ලෝක බැංකු ණය ව්‍යාපෘතිය] ගණන් මේකට දාන්න එපා, මේවා දැන් අපි තමයි ගෙවන්නේ’ යි එක් ආචාර්යවරයකු අනෙක් අයට කී… Continue reading ලෝක බැංකු සල්ලි සහ අපේ විශ්වවිද්‍යාල: ලෝක බැංකුවේ ණය ව්‍යාපෘති සහ රාජ්‍ය විශ්වවිද්‍යාලවල මෑතකාලීන විපර්යාසය – කෞශල්‍යා පෙරේරා

පර්යේෂණ ‘ප්‍රශ්න පොදි’: ගෝලීය උතුර හා දකුණ අතර පර්යේෂණ සහයෝගිතා තුළ තිබෙන සංකල්පීය හා ශ්රම ධූරාවලි පිළිබඳ ආවර්ජනයක් – වගීෂා ගුණසේකර

පරිවර්තනය: ප්‍රවීන් තිලකරත්න *The European Journal of Development Research 32 (2020) හි පළ වූ කතුවරියගේම ‘(Un)packing Baggage: A Reflection on the ‘Battle Over Ideas’ and Labour Hierarchies in Collaborative North-South Research’ ලිපිය ඇසුරෙනි. හැඳින්වීම වරෙක මම පාරම්පරික වෙද ශාස්ත්‍රයෙහි නියැලෙන සෙනෙවිරත්න වෙද මහත්තයා සමග රෝග විනිශ්චය, ‘දැනුම’ සහ පර්යේෂණය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළෙමි. එම සාකච්ඡාවේ,… Continue reading පර්යේෂණ ‘ප්‍රශ්න පොදි’: ගෝලීය උතුර හා දකුණ අතර පර්යේෂණ සහයෝගිතා තුළ තිබෙන සංකල්පීය හා ශ්රම ධූරාවලි පිළිබඳ ආවර්ජනයක් – වගීෂා ගුණසේකර

මුවාවී ම – ඵුසති ලියනාරච්චි

උඹ උඹේ රහස් මට කියාවියි මං බලාපොරොත්තු ගොඩගහගත්තෙ උඹ හිටපු දිහාවට එන්න මට අවසර ලැබෙන්නටත් කලියෙන්. බයක් සැකක් නැතුව ඒ දොර දෙකෙන් ඇතුළට ඇවිදින්න බැ​රි තරම් පුං​චි කාලේ, උඹව යන්තමටවත් බලාගන්න කියලා හැම හෑන්​දෑවෙ මං නහ​යේ බර තියාගන මීදුම් හුස්ම හෙළද්දී, සුණු විසිණු වෙන්න​ට තරම් සද්දෙන් වැදුණු මගේ හදවත ඉස්සර​හ සීත නිස්සද්​ද ​වීදුරුව ගැහුනෙව​ත් නැ​හැ.… Continue reading මුවාවී ම – ඵුසති ලියනාරච්චි

හැඳින්වීමක් වෙනුවට සටහන් කිහිපයක්: ආවර්ජනය, මෙලන්කෝලියාව සහ කලකිරීම – ප්‍රවීන් තිලකරත්න

හැඳින්වීමක් සඳහා, නැතහොත් හැඳින්වීමක් වෙනුවට, සටහන් කිහිපයක් පාඨකයා හා තැබීමට කැමැත්තෙමි. ඒ, ‘ආවර්ජනා’ යන පුළුල් තේමාවට විවිධ ආකාරවලින්, ඇතැම්විට ඉතා වක්‍රාකාරයෙන්, සම්බන්ධ වන මෙම වෙළුමට ඇතුළත් රචනා තුන හා කෙටිකතාව ස්ථානගත කර දැක්වීමට ය. ඊට ප්‍රථමයෙන් ප්‍රවාද සඟරාවේ පුනරුත්පත්තිය පිළිබඳව ද යමක් කිව යුතු වේ. වසර කිහිපයක්ම අක්‍රීයව තිබූ සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ප්‍රවාද සඟරාව යළි… Continue reading හැඳින්වීමක් වෙනුවට සටහන් කිහිපයක්: ආවර්ජනය, මෙලන්කෝලියාව සහ කලකිරීම – ප්‍රවීන් තිලකරත්න